මාර්ගගත අධ්‍යාපනය (Online Education) දරුවන්ට අභියෝගයක් ද?
Peramaga Admin2022-04-03T10:59:17+00:00සොබාදහමට අනුගතව විකසිත වන කුඩා මල් කැකුළු, පරිසරයේ චමත්කාරය උකහා ගනිමින් දසත සුන්දරත්වය විඳිමින් කාලය ගත කළ දරුවන් වර්තමානයේ ඩිජිටල් අවකාශය තුළ අතරමං වී තමන්ගේ සොදුරු ළමා කාලය ගත කරයි. ඔවුන්ගේ මුවගින් දැන් නිතරම අසන්නට ලැබෙන්නේ online යන වදන් පෙළයි.
වර්තමානයේ ඇති වී තිබෙන Covid-19 ව්‍යසන තත්වයත් සමඟම වඩාත් අසරණව සිටින්නේ ඉවසා දරා ගත හැකි සීමාව නොදත් කුඩා දරුවන්ය. ළමා කාලයේ ඔවුන්ගේ සිතුවිලි, සියල්ලන් සමඟම බෙදා ගන්නට තිබෙන අවකාශය ඇහිරි ඇත. පාසල් මව් තුරුල තුළ මිතුරු මිතුරියන් හා ගුරු මෑණිවරුන් සමඟ කෙළි දොලෙන් ගත කළ කුඩා දරු පැටව් පරිගණකයේ ඇති කැමරාව තුළ සංයමයකින් පැය කිහිපයක් ඉඳගෙන සිටීමේ අසීරු කාර්යයක නිරත වී සිටි. ඔවුන්ගේ කුඩා සිත් ප්‍රායෝගික දැනුම් පද්ධතියෙන් බැහැරව, යාන්ත්‍රිකරණ දැනුම් පද්ධතියක් තුළ සිරවී ඇති අතර, ඔවුන්ගේ මිතුරෙකු බවට පත් වී ඇත්තේ පරිගනකය සහ ඩේටාය.
කෙසේ වෙතත් දරුවන්ගේ නැණස පාදා දීම සඳහා නිවෙස තුළ දරුවන්ට ඉඩ හසර ලබා දීමට දෙමාපියන් විශාල පරිශ්‍රමයක් දරනු ලබයි. ඇතැම් දෙමාපියන්ට පරිගනක තාක්ෂණය සම්බන්ධයෙන් ඇති දැනුම අල්ප වීම නිසා බොහෝ ගැටළු වලට මුහුණ පෑමට සිදුවේ. ඒ හේතුවෙන් දෙමාපිය අවධානයෙන් ගිලිහි යන කුඩා දරුවන් තාක්ෂණයේ වැරදි පැතිකඩට යොමු වීමේ ප්‍රතිශතය බොහෝ ඉහළ ගොස් ඇති අතර එමගින් දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවය ක්‍රමයෙන් ගිලිහි යන තත්වයක් වර්තමාන පරිසරය තුළ දක්නට ලැබේ.
තවද රට පුරා එක හා සමාන තාක්ෂණික පහසුකම් නොමැති වීම හේතුවෙන් දුෂ්කරතා ඇති දරුවන්ට අධ්‍යාපනය නොලැබීමේ සම්භාවිතාවය ඉහළ ගොස් ඇත. දුරකථන සංඥා නොමැති වීම හේතුවෙන් ඇතැම් දරුවන් උස් කඳු මුදුන් සහ ගස් වලට නැගීම වැනි අවදානම් සහගත තත්වයන්ට මුහුණ දීම අප රට මුහුණපා ඇති ප්‍රධානතම ගැටළුවකි.
පාසල තුලදී දරුවා හට පුහුණු වන, තමන් සතු දෑ බෙදා ගැනීම, අභියෝගයන්ට මුහුණ දීම මෙන් ම කී‍්‍රඩා කුසලතා වර්ධනය කර ගැනීම යන කටයුතු වලින් දරුවා නොපනෙන මානයකට ඇදගෙන ගොස් ඇත්තේ ඉතා අවාසනාවන්ත ලෙසය. දරුවන් විසින් ඔවුන්ගේ ඒකාකාරී බව නැති කර ගැනීම සඳහා පරිගණකයේ ඇති නොයකුත් ක්‍රිඩා වැනි දේවල් වලට ඇති නැඹුරුව නිතරම දැක ගැනීමට අපට හැකි වේ. මෙමගින් ඔවුන් දෙමාපියන් හා අවට පරිසරයෙන් ඈත් වී යාම මහා ඛේදවාචකයකි. ඒකාකාරි ජීවන රටාවක් තුළ සිරවී ඇති දරුවා තුළ අධ්‍යාපනය කෙරෙහි තිබු ආශාව හා උද්වේගය අල්ප වී යාම හේතුවෙන් ඔවුන් ඉගැන්වීම් කි‍්‍රයාවලියෙන් බොහෝ දුරට දුරස් වීමට උත්සහ දරයි.
තවද මෙම වකවානුවේ කුඩා දරුවන් නොයකුත් මානසික සංකුලතා වලට ගොදුරු වීම හේතුවෙන් ඔවුන් කායික හා මානසික ව්‍යාකුලතා වලට පත්වීම, ක්ෂණික කෝපය, ඇස් පෙනීම දුර්වල වීම, හිසරදය, දෙමාපියන් නොරුස්සනා ස්වභාවය වැනි අතුරු ප්‍රතිඵල වලට ගොදුරු වීම ද නිතර දක්නට ලැබේ.
කෙසේ නමුත් online තාක්ෂණය අවභාවිතයෙන් තොරව හැකි තරම් දරුවන්ගේ සුභසිද්ධිය සඳහා යෙදවීමට උත්සුක වීම වත්මන් දෙමාපියන්ට ඇති අභියෝගයක් මෙන් ම වගකීමකි.
අප පාසල තුලද දරුවන්ගේ ඒකාකාරි online ඉගැන්වීම් රටාවෙන් මුදවා ගැනීම සඳහා නොයතුත් වැඩසටහන් කි‍්‍රයත්මක කරන ලදී. හිටපු විදුහල්පති කේ. ජී. විමලසේන මහතා මෙයට පිළියම් ලෙස ඔහුගේ පූර්ණ අධීක්ෂණය මත සංවිධානය කරනු ලැබූ එම වැඩසටහන් වලින් කිහිපයක් පහත දැක්වේ.
-
Magic School – Mr. Sanath Gamage
9/ 10/ 11 ශ්‍රේණි වල දරුවන්ට සහ දෙමාපියන් හට සංවිධානය කරන ලදී. -
Magic School – Mr. Sanath Gamage
6/ 7/ 8 ශ්‍රේණි වල දරුවන්ට සහ දෙමාපියන් හට සංවිධානය කරන ලදී. -
Magic School – Mr. Sanath Gamage
3/ 4/ 5 ශ්‍රේණි වල දරුවන්ට සහ දෙමාපියන් හට සංවිධානය කරන ලදී. - 2 ශ්‍රේණිය සඳහා සංවිධානය කරනු ලැබු පොසොන් පොහොය වැඩසටහන.
-
5 ශ්‍රේණිය සඳහා සංවිධානය කරනු ලැබු පොසොන් බැති ගී සරණිය.
-
Student Motivation Program
2020- 11 ශ්‍රේණියේ දරුවන් සඳහා කථිකාචාර්ය අජිත් ජයවර්ධන මහතා විසින් ඉදිරිපත්කරන ලද අභිපේ්රරණ වැඩසටහන.
විශේෂ දේශක ලක්ෂ්මන් ගුණතිලක මහතා විසින් 10/ 11 ශ්‍රේණි වල දරුවන්ට සංවිධානය කරන ලද වැඩසටහන. -
2012-2020 විද්‍යා ගණිත අංශයේ ආදි ධර්මපාලීයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ අභිපේ්රරණ වැඩසටහන.
12/13 ශ්‍රේණි වල විද්‍යා ගණිත අංශයේ දරුවන්ට සංවිධානය කරන ලදී. -
2010-2015 වාණිජ අංශයේ ආදි ධර්මපාලීයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ අභිපේ්රරණ වැඩසටහන.
12/13 ශ්‍රේණි වල වාණිජ අංශයේ දරුවන්ට සංවිධානය කරන ලදී. -
පොසොන් ධර්ම දේශනා වැඩසටහන.
6/ 7/ 8/ 9/ 10/ 11/ 12/ 13 ශ්‍රේණි වල දරුවන්ට සංවිධානය කරන ලදී. -
1 ශ්‍රේණියේ ඇතැම් පංති සඳහා සීල සමාදාන වැඩසටහනක් පවත්වන ලදී.
-
ආදි සංකලන දරුවන් විසින් ‘‘සංකලන – දම්පාට ගී සැදෑව’’ නමින් සජීවි ප්‍රසංගයක් පවත්වන ලදී.
– තිලිණි ශ්යාලිකා තිලකරත්න
Leave a Reply