Author - Peramaga Admin

15 Six-a-Side Soft Ball Cricket Tournament

15 වන වරටත් සංවිධානය කරනු ලබන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය2022 අගෝස්තු 14 වෙනි ඉරිදා පෙ.ව.8.00 සිට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.🏆🥇Champions Rs. 40,000/=🏆🥈Runners-Up Rs. 25,000/=🎁 Best Batsman🎁 Best Bowler🎁 Man of the Series🎁 Hit & Win x 2Team Registration Fee – Rs. 2,500/=Contact :Sulakshana 071 485 8985Harsha 076 536 4036
Read more...

ආදිශිෂ්‍ය ශ්‍රවණාගාරයේ පුටු අලුත් වැඩියාව

කලක සිට අබලන් තත්වයේ පැවති ආදිශිෂ්‍ය ශ්‍රවණාගාරයේ පුටු අලුත් වැඩියා කිරීම පෙරමග දායකත්වයෙන් සිදුකරන ලදී.
Read more...

ඩෙස්ක්  පුටු අළුත්වැඩියාව

පාසලේ තැන තැන ගොඩ ගසා ඇති අබලන් ඩෙස්ක් පුටු පිළිසකර කර නැවත භාර දීම මෙම ව්‍යාපෘතිය මගින් පෙරමග කණ්ඩායම විසින් සිදුකරනු ලබයි. මෙවර මෙම ව්‍යාපෘතිය හරහා අබලන් ඩෙස්ක්  60ක ප්‍රමාණයකුත් පුටු 60ක ප්‍රමාණයකුත් අළුත්වැඩියා කර නැවත භාර දීමේ කටයුත්ත ඉතා සාර්ථකව නිම කිරීමට පෙරමග කණ්ඩායමට හැකිවිය.

Read more...

පෙරමග පසුවිපරම

පෙරමග දශක කණ්ඩායම විසින් පාසල වෙත දායාද කළ භෞතික සම්පත් අතරින් 6-9 ශ්‍ර්ණි  වැසිකිළි පද්ධතිය විශේෂ තැනක් ගනියි. "පෙරමග පසුවිපරම" සංකල්පය යටතේ එම ව්‍යාපෘතියේ වත්මන් තත්වය පිළිබඳ සොයාබලා අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදුකිරීම 2022 ජූනි මස සිදුකෙරිනි.

Read more...

සීඩා ගොඩනැගිල්ලේ අපිළිවෙලට ගොඩ ගසා තිබූ පෙළ පොත් වර්ගීකරණය සිදු කිරීම

සීඩා ගොඩනැගිල්ලේ තැන තැන ගොඩ ගසා තිබූ පෙළ පොත් ශ්‍රේණී වශයෙන් සහ විෂය වශයෙන් වර්ගීකරණය කර නිසි ස්ථානයක ක්‍රමානුකූලව ගබඩා කිරීමේ කටයුත්ත මෙම ව්‍යාපෘතිය හරහා සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය ඵලදායී ලෙස නිම කර පාසල වෙත නැවත භාර දීමට අප කණ්ඩායමට හැකි විය.
Read more...

පාසල් කොඩිය ප්‍රතිනිර්මාණය කිරීම

රාහුල ධර්මපාල ක්‍රිකට් තරඟාවලිය සංවිධානය කිරීමට සමගාමීව පාසල් කොඩිය ඉතා ඉක්මනින් ප්‍රතිණිර්මාණය  කිරීමේ අවශ්‍යකාවය පැන නැගුනු අතර අප කණ්ඩායමේ මෙම වසරේ සිදු කරන ව්‍යාපෘතියක් වශයෙන් මෙම කටයුත්ත සිදු කර කඩිනමින් පාසලට භාර දීම සිදු කරන ලදී.
Read more...

අපි සැනසිල්ලේ with WAYO

WAYO Live in Concert - අපි සැනසිල්ලේ ft. Senanayaka Weraliyadda & Falan Andrea @National Youth Center Auditorium, Maharagama. 4th June 2022 - 6.30pm onwards Tickets [LKR] : 1500 , 2000 , 3000 , 5000 Tickets Available at : PPA Office - Dharmapala Vidyalaya Pannipitiya Mr. Wax - Moraketiya | Granthaloka - Kottawa | Ormark Advertising - Pannipitiya | Red Balloon - Kottawa, Maharagama | Liyo Restaurant - Pannipitiya | Sarasavi - Maharagama, Nugegoda | Greenland - Piliyandala | Asiri Pharmacy - Homagama | 197 Restaurant - Boralesgamuwa | Splendee Shoes - Mattegoda | Athurugiriya Collection - Athurugiriya | Opsel - Thalawathugoda Reservations : Chamindu - 0718984600 , Shiwantha - 0777787548 Yasantha - 0714499821 , Saranga - 0777541918 Online Purchase : https://mytickets.lk/event/api-senasille-with-wayo/617DeSzYlGF Organized by : Peramaga Decade Group - Past Pupils' Association Dharmapala Vidyalaya Pannipitiya #wayo #wayomusic #wayolive #wayoband #wayosrilanka #wayofamily #livemusic #WAYO #SenanayakeWeraliyadde #SangeethWijesuriya #FalanAndrea #PeramagaDVP #PeramagaDecadeGroup #Peramaga2022_2023 #DharmapalaVidyalayaPannipitiya #DVP #PPADVP Days Hours Minutes
Read more...

මාර්ගගත අධ්‍යාපනය (Online Education) දරුවන්ට අභියෝගයක් ද?

සොබාදහමට අනුගතව විකසිත වන කුඩා මල් කැකුළු, පරිසරයේ චමත්කාරය උකහා ගනිමින් දසත සුන්දරත්වය විඳිමින් කාලය ගත කළ දරුවන් වර්තමානයේ ඩිජිටල් අවකාශය තුළ අතරමං වී තමන්ගේ සොදුරු ළමා කාලය ගත කරයි. ඔවුන්ගේ මුවගින් දැන් නිතරම අසන්නට ලැබෙන්නේ online යන වදන් පෙළයි.

වර්තමානයේ ඇති වී තිබෙන Covid-19 ව්‍යසන තත්වයත් සමඟම වඩාත් අසරණව සිටින්නේ ඉවසා දරා ගත හැකි සීමාව නොදත් කුඩා දරුවන්ය. ළමා කාලයේ ඔවුන්ගේ සිතුවිලි, සියල්ලන් සමඟම බෙදා ගන්නට තිබෙන අවකාශය ඇහිරි ඇත. පාසල් මව් තුරුල තුළ මිතුරු මිතුරියන් හා ගුරු මෑණිවරුන් සමඟ කෙළි දොලෙන් ගත කළ කුඩා දරු පැටව් පරිගණකයේ ඇති කැමරාව තුළ සංයමයකින් පැය කිහිපයක් ඉඳගෙන සිටීමේ අසීරු කාර්යයක නිරත වී සිටි. ඔවුන්ගේ කුඩා සිත් ප‍්‍රායෝගික දැනුම් පද්ධතියෙන් බැහැරව, යාන්ත‍්‍රිකරණ දැනුම් පද්ධතියක් තුළ සිරවී ඇති අතර, ඔවුන්ගේ මිතුරෙකු බවට පත් වී ඇත්තේ පරිගනකය සහ ඩේටාය.

කෙසේ වෙතත් දරුවන්ගේ නැණස පාදා දීම සඳහා නිවෙස තුළ දරුවන්ට ඉඩ හසර ලබා දීමට දෙමාපියන් විශාල පරිශ‍්‍රමයක් දරනු ලබයි. ඇතැම් දෙමාපියන්ට පරිගනක තාක්ෂණය සම්බන්ධයෙන් ඇති දැනුම අල්ප වීම නිසා බොහෝ ගැටළු වලට මුහුණ පෑමට සිදුවේ. ඒ හේතුවෙන් දෙමාපිය අවධානයෙන් ගිලිහි යන කුඩා දරුවන් තාක්ෂණයේ වැරදි පැතිකඩට යොමු වීමේ ප‍්‍රතිශතය බොහෝ ඉහළ ගොස් ඇති අතර එමගින් දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවය ක‍්‍රමයෙන් ගිලිහි යන තත්වයක් වර්තමාන පරිසරය තුළ දක්නට ලැබේ.

තවද රට පුරා එක හා සමාන තාක්ෂණික පහසුකම් නොමැති වීම හේතුවෙන් දුෂ්කරතා ඇති දරුවන්ට අධ්‍යාපනය නොලැබීමේ සම්භාවිතාවය ඉහළ ගොස් ඇත. දුරකථන සංඥා නොමැති වීම හේතුවෙන් ඇතැම් දරුවන් උස් කඳු මුදුන් සහ ගස් වලට නැගීම වැනි අවදානම් සහගත තත්වයන්ට මුහුණ දීම අප රට මුහුණපා ඇති ප‍්‍රධානතම ගැටළුවකි.

පාසල තුලදී දරුවා හට පුහුණු වන, තමන් සතු දෑ බෙදා ගැනීම, අභියෝගයන්ට මුහුණ දීම මෙන් ම කී‍්‍රඩා කුසලතා වර්ධනය කර ගැනීම යන කටයුතු වලින් දරුවා නොපනෙන මානයකට ඇදගෙන ගොස් ඇත්තේ ඉතා අවාසනාවන්ත ලෙසය. දරුවන් විසින් ඔවුන්ගේ ඒකාකාරී බව නැති කර ගැනීම සඳහා පරිගණකයේ ඇති නොයකුත් ක‍්‍රිඩා වැනි දේවල් වලට ඇති නැඹුරුව නිතරම දැක ගැනීමට අපට හැකි වේ. මෙමගින් ඔවුන් දෙමාපියන් හා අවට පරිසරයෙන් ඈත් වී යාම මහා ඛේදවාචකයකි. ඒකාකාරි ජීවන රටාවක් තුළ සිරවී ඇති දරුවා තුළ අධ්‍යාපනය කෙරෙහි තිබු ආශාව හා උද්වේගය අල්ප වී යාම හේතුවෙන් ඔවුන් ඉගැන්වීම් කි‍්‍රයාවලියෙන් බොහෝ දුරට දුරස් වීමට උත්සහ දරයි.

තවද මෙම වකවානුවේ කුඩා දරුවන් නොයකුත් මානසික සංකුලතා වලට ගොදුරු වීම හේතුවෙන් ඔවුන් කායික හා මානසික ව්‍යාකුලතා වලට පත්වීම, ක්‍ෂණික කෝපය, ඇස් පෙනීම දුර්වල වීම, හිසරදය, දෙමාපියන් නොරුස්සනා ස්වභාවය වැනි අතුරු ප‍්‍රතිඵල වලට ගොදුරු වීම ද නිතර දක්නට ලැබේ.

කෙසේ නමුත් online තාක්ෂණය අවභාවිතයෙන් තොරව හැකි තරම් දරුවන්ගේ සුභසිද්ධිය සඳහා යෙදවීමට උත්සුක වීම වත්මන් දෙමාපියන්ට ඇති අභියෝගයක් මෙන් ම වගකීමකි.

අප පාසල තුලද දරුවන්ගේ ඒකාකාරි online ඉගැන්වීම් රටාවෙන් මුදවා ගැනීම සඳහා නොයතුත් වැඩසටහන් කි‍්‍රයත්මක කරන ලදී. හිටපු විදුහල්පති කේ. ජී. විමලසේන මහතා මෙයට පිළියම් ලෙස ඔහුගේ පූර්ණ අධීක්ෂණය මත සංවිධානය කරනු ලැබූ එම වැඩසටහන් වලින් කිහිපයක් පහත දැක්වේ.

  1. Magic School – Mr. Sanath Gamage
    9/ 10/ 11 ශ්‍රේණි වල දරුවන්ට සහ දෙමාපියන් හට සංවිධානය කරන ලදී.

  2. Magic School – Mr. Sanath Gamage
    6/ 7/ 8 ශ්‍රේණි වල දරුවන්ට සහ දෙමාපියන් හට සංවිධානය කරන ලදී.

  3. Magic School – Mr. Sanath Gamage
    3/ 4/ 5 ශ්‍රේණි වල දරුවන්ට සහ දෙමාපියන් හට සංවිධානය කරන ලදී.

  4. 2 ශ්‍රේණිය සඳහා සංවිධානය කරනු ලැබු පොසොන් පොහොය වැඩසටහන.
  5. 5 ශ්‍රේණිය සඳහා සංවිධානය කරනු ලැබු පොසොන් බැති ගී සරණිය.

  6. Student Motivation Program
    2020- 11 ශ්‍රේණියේ දරුවන් සඳහා කථිකාචාර්ය අජිත් ජයවර්ධන මහතා විසින් ඉදිරිපත්

    කරන ලද අභිපේ‍්‍රරණ වැඩසටහන.
    විශේෂ දේශක ලක්‍ෂ්මන් ගුණතිලක මහතා විසින් 10/ 11 ශ්‍රේණි වල දරුවන්ට සංවිධානය කරන ලද වැඩසටහන.

  7. 2012-2020 විද්‍යා ගණිත අංශයේ ආදි ධර්මපාලීයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ අභිපේ‍්‍රරණ වැඩසටහන.
    12/13 ශ්‍රේණි වල විද්‍යා ගණිත අංශයේ දරුවන්ට සංවිධානය කරන ලදී.

  8. 2010-2015 වාණිජ අංශයේ ආදි ධර්මපාලීයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ අභිපේ‍්‍රරණ වැඩසටහන.
    12/13 ශ්‍රේණි වල වාණිජ අංශයේ දරුවන්ට සංවිධානය කරන ලදී.

  9. පොසොන් ධර්ම දේශනා වැඩසටහන.
    6/ 7/ 8/ 9/ 10/ 11/ 12/ 13 ශ්‍රේණි වල දරුවන්ට සංවිධානය කරන ලදී.

  10. 1 ශ්‍රේණියේ ඇතැම් පංති සඳහා සීල සමාදාන වැඩසටහනක් පවත්වන ලදී.

  11. ආදි සංකලන දරුවන් විසින් ‘‘සංකලන - දම්පාට ගී සැදෑව’’ නමින් සජීවි ප‍්‍රසංගයක් පවත්වන ලදී.

- තිලිණි ශ්‍යාලිකා තිලකරත්න

Read more...

පාසල සතු ශිෂ්‍ය භට (CADET COP) ඉඩමේ  වැට නැවත ඉදිකිරීම

ඇරැව්වල පාරේ පිහිටා ඇති පාසල සතු ශිෂ්‍ය භට (CADET COP) ඉඩමේ මායිමේ කැඩී තිබූ වැට ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සහ එම ඉඩමේ පහළ කොටසේ කම්බි වැට යකඩ කණු යොදා අළුතින් ඉදි කිරීම මෙම ව්‍යාපෘතිය හරහා සිදු කෙරුණි.
Read more...

විදුහල්පති නිල නිවස ප්‍රතිසංස්කරණය සිදු කිරීම

අප විද්‍යාලයේ නව විදුහල්පතිතුමියගේ ආගමනය සමග විදුහල්පති නිල නිවස ප්‍රතිසංස්කරණ කටයුතු සහ සුද්ධ පවිත්‍ර කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණි. අප කණ්ඩායමේ සාමාජික සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් එම ව්‍යාපෘතිය ඉතා සාර්ථක ලෙස නිම කිරීමට අප කණ්ඩායමට හැකිවිය. මෙහිදී විදුහල්පති නිල නිවාසයේ සිවිලිම අළුතින් ඉදිකිරීමට සහ තීන්ත ආලේප කිරීම සඳහා  හා  නිල නිවාසය සුද්ද පවිත්‍ර කිරීමට ශ්‍රම දායකත්වය සැපයීම අප දශක කණ්ඩායම මගින් සිදු කරන ලදී

Read more...