Author - Peramaga Admin

Covid-19 සමයේ නූතන අධ්‍යාපනයේ දිශානතිය

අධ්‍යාපනය යනු අප ජීවිතයේ වඩාත්ම බලවත් අවියයි. සෑම දෙයක්ම පිටුපස ඇති අරුත සොයා ගැනීමට අධ්‍යාපනය හරහා අපට ඉඩ සැළසෙන අතර, ලොව සෑම දෙනෙකුගේම ජීවිත විශාල පරිවතනයකට ලක් කිරීමට අධ්‍යාපනයට සුවිශේෂී හැකියාවක් ඇත. එසේම අධ්‍යාපනය අපට අවට ලෝකය පිළිබඳව අවබෝධයක් ලබාදෙන අතර, එම දැනුම ඥාණාන්විතව භාවිතා කිරීමෙන් අපේ ජීවිතය නිවැරැදි දිශාවට යොමු කරගැනීමට අපට හැකියාව ලැබෙයි. කෙනෙකුගේ ජාතිය, ආගම හා ස්ත‍්‍රී පුරුෂ භාවය කුමක් වුවත්, ඔහුට හෝ ඇයට ලොව විවිධ තරාතිරම්වල සිටින අනෙක් සියලූම පුද්ගලයන් හා එක සමානව එකට සිටගැනීමට ඉඩ හසර ලබාදෙන්නේ අධ්‍යාපනය මගිනි. ඒ අනුව සමස්ථයක් ලෙස ගතහොත් අධ්‍යාපනය යනු සියලූ බාධක පරාජය කිරීමට හැකි වේදිකාවකි. මෙයට බොහෝ කලකට පෙර අධ්‍යාපනය යනු සමාජයේ එක්තරා කොටසකට පමණක් සීමාවූ “වරප‍්‍රසාදයක්’” ලෙසින් සැළකුණත් වර්තමානය වන විට එය දුප්පත් පොහොසත් භේදයකින් තොරව සැමටම භුක්ති විඳිය හැකි “අයිතිවාසිකමක්” බවට පත්ව ඇත. ඇති නැති පරතරය මැනවින් කියාපාන අධ්‍යාපනය නොමිලේ අධ්‍යාපනය ලැබීම ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසකමක් ලෙසින් සඳහන් කර නැතත්, “නූගත්කම මුළුමනින්ම තුරන් කිරීම සහ සියලූ මට්ටම්වල අධ්‍යාපනය සඳහා විශ්වීය සහ සමාන ප‍්‍රවේශයක් සඳහා ඇති අයිතිය පිළිබඳව සියලූම පුද්ගලයන්ට සහතික වීම” යනුවෙන් වගන්තියක් ඊට ඇතුළත් කොට ඇත. ශ්‍රී ලංකාවේ අපට ප‍්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා නොමිලේ ලබාගැනීමට අපට හැකියාවක් ලැබී ඇත්තේ ඒ අනුවය. වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ රජයේ පාසල් 10,012 ක් ඇති අතර ඒවායේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සංඛ්‍යාව මිලියන 4.2 කට අධිකය. මෙම දුවා දරුවන්ගේ නුවණැස පාදන ගුරුවර ගුරිවරියන්ගේ සංඛ්‍යාව 235,924 කි. වර්තමානයේදී අප රටේ දකින්නට ලැබෙන අධ්‍යාපන පද්ධතියේ ඉතිහාසය යටත්විජිත අවධිය දක්වා දිව ගියද, ගෝලීය අධ්‍යාපන ක‍්‍රමය සමග සැසඳීමේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක‍්‍රමය තවමත් නිසි පරිදි යාවත්කාලීන වී ඇති බවක් පෙනෙන්නට නැත. ගෝලීය මට්ටම හා සැසඳීමේදී අපේ රටේ පාසල් නවීන තාක්ෂණය ප‍්‍රමාණවත් පරිදි උපයෝගී කර නොගන්නා නිසා ශ්‍රී ලංකාව සහ සෙසු ලෝකය අතර තාක්ෂණික හිඩැසක් නිර්මාණය වී ඇත. එහෙත් කොවිඞ්-19 ව්‍යාප්තියත් සමගම පෙර පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා වූ සමස්ථ අධ්‍යාපන පද්ධතියටම මේ වන විට නවීන තාක්ෂණ ක‍්‍රමවේදයන් අත්හදා බැලීමේ ඇති වැදගත්කම අවබෝධ වී තිබීම සැළකිය යුතු වර්ධනයක් බව පැවැසිය යුතු ය. මෙහිදී අප මුහුණ පා සිටින අභියෝග බොහෝය. වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් සහ විශ්වවිද්‍යාල වසා දමා ඇති තත්ත්වයක් තුළ පෙර පාසල් සිසුන්ගේ සිට විශ්ව විද්‍යාල සිසුන් දක්වා වූ සමස්ථ ශිෂ්‍ය ප‍්‍රජාවටම මාර්ගගත ක‍්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලැබීමට සිදුව ඇතත්, ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික තත්ත්වය හේතුවෙන් ඔවුන් සියලූ දෙනාටම එම අවස්ථාව එකසේ ලැබෙනවාද? යන ගැටළුවට මේ වන විට අප මුහුණ පා සිටියි. මාර්ගගත අධ්‍යාපනයේ අභියෝග මාර්ගගත අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය කරන උපකරණ බහුල නොවීම, අන්තර්ජාල පහසුකම් සපයන ආයතනවල ආවරණ කලාපය සීමාසහිත වීම මෙන් ම මාර්ගගත අධ්‍යාපනය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ ප‍්‍රමාණවත් දැනුමක් නොමැති වීම ද මේ වන විට අප මුහුණ පා සිටින ගැටළු අතර වෙයි. මාර්ගගත අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය කරන මෙවලම් හිඟ සහ සේවා ආවරණ කලාපයෙන් බැහැරව සිටින ග‍්‍රාමීය පාසල්වල ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් රූපවාහිනය වැනි ශ‍්‍රව්‍ය දෘෂ්‍ය ක‍්‍රමවේදයන් ඔස්සේ අධ්‍යාපනය ලබාදීම වඩා පිළිගත හැකි විකල්පයක් ලෙසින් පෙනී ගියත්, එහි ඵලදායීතාවයද සීමාසහිතය. අධ්‍යාපනය සඳහාම වෙන්වූ රූපවාහිනී නාළිකා නොමැති වීම, දැනට තිබෙන රූපවාහිනී නාළිකාවල වෙනත් වැඩසටහන් අතරතුර අධ්‍යාපන වැඩසටහන් සඳහා ගුවන් කාලය වෙන් කර ගැනීමේ ගැටළුව, රූපවාහිනිය ඔස්සේ විෂය කරුණු උගන්වන ගුරුවරුන්ගේ උදාසීන ඉගැන්වීමේ ශෛලිය මෙන් ම සම්මත පංති කාමරයකදී මෙන් ගුරුවරයා සහ ළමයින් අතර අන්තර් ක‍්‍රියාකාරීත්වයක් නොමැති වීම ද රූපවාහිනිය හරහා ඉගැන්වීමේදී මුහුණ පෑමට සිදුවන ගැටළුය. ඒ හැරුණු කොට මාර්ගගත සහ රූපවාහිනිය හරහා අධ්‍යාපනය ලබාදීමේදී මුහුණ දීමට සිදුවන ප‍්‍රබලම ගැටළුව වන්නේ දරුවන්ගේ සමාජ කුසලතා සහ පෞරුෂය වර්ධනය නොවීමයි. පාසල් යන වයසේ දරුවෙක් පාසලෙන් අධ්‍යාපනයට අමතරව තවත් බොහෝ දෑ තම ජීවිතයට උකහා ගන්නා අතර, කණ්ඩායමක් ලෙසින් වැඩ කිරීම, ශාරීරික ක‍්‍රියාකාරකම්, පෞරුෂ වර්ධනය, සමාජ කුසලතා සහ සමාජය සමග ගැටීමේ මූලික පාඩම් දරුවා අත්පත් කරගන්නේ පාසලෙන් සහ පංති කාමරයෙනි. එබැවින් කොවිඞ්-19 වසංගත තත්ත්වය පහව යනතුරු අධ්‍යාපනය ලබාදීම සඳහා දැනට ඉතිරිව ඇති හොඳම විකල්පය වන මාර්ගගත අධ්‍යාපනය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් සංවර්ධනය කරන අතරම, රට තුළ දරුවන්ට රෝග බියකින් තොරව යළි පාසලට පැමිණ අධ්‍යාපනය ලැබිය හැකි සුරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීමට රජය කටයුතු කළ යුතු ය. අනෙක් අතට කොවිඞ්-19 වැනි ගෝලීය වසංගත තත්ත්වයක් නිසි පරිදි පාලනය කිරීමට රජයට පමණක් හැකියාවක් නොමැති නිසා, මවුපියන් සහ වැඩිහිටියන් ලෙසිට අපි අපේ සහයෝගය රජයට ලබාදිය යුතු ය. අපේ දරුවන්ට යළි පාසල් ගොස් විෂය කරුණුවලට අමතරව සමාජ කුසලතාද ජීවිතයට එකතු කරගෙන, සාර්ථක මිනිසෙකු ලෙසින් සමාජය සමග මුහු වීමට හැකියාවක් ලැබෙන්නේ එවිටය. - වත්සලා රාජගුරු
Read more...

“යහ ගුණ මාතා” ලෙස අභිමන් ලැබූ දම්පල් අඹරේ පෑයූ ගුරු තරුව

“මිශ‍්‍ර පාසල් අතරින් මුලූ ලෝකෙවත් නැතිව ඇති මේ තරම් හොඳ, ශීලාචාර ඉස්කෝලයක්. මම ඒක බය නැතිව කියනවා. ඉස්කෝලෙදි සමහර විට ළමයි අපෙන් බැනුම් අහනවා තමයි. ඒත් තැනකට ගියාම රත්තරන් ළමයි.” ධර්මපාල විද්‍යාලය පිළිබඳවත් දම්පල් දූ පුතුන් පිළිබඳවත් මෙතරම් ආදරයකින් වදන් පෙළගස්වන්නී අන් කවරෙකුත් නොව ධර්මපාලයට ඉමහත් සේවයක් ඉටුකළ මාලිනී ආටිගල අබයරත්න ගුරු මෑණියන් ය. දම්පල් මව්න් සෙවනේ සිප් සතර හදාරා එහිම ගුරුතුමියක් ලෙස දහස් ගණනක් දූ දරුවන්ට යහමඟ පෙන්වූ ඇය අද විශ‍්‍රාම සුවයෙන් පසුවන්නීය. ධර්මපාලය පිළිබඳ සිය මතකය ආවර්ජනය කරන්නට අපි ඇයට ඇරයුම් කළෙමු. මේ දිගහැරෙන්නේ ඒ කතාබහයි. ඔබතුමිය ධර්මපාල විද්‍යාලයේ දීප්තිමත් ආදිශිෂ්‍යාවක්. පාසල් කාලය ගැන ඔබතුමියගේ මතකය අවදි කළොත්... මම හෝඩිය පන්තියට ඇතුළු වෙන්නෙ 1947 පෙබරවාරි හය වැනිදා. එතකොට හිටපු විදුහල්පතිතුමා තමයි ජී. සී. එදිරිසිංහ මහතා. දොඹ ගස්, අඹ ගස් දෙපසින් තිබුණු අඩිපාරෙ තමයි අපි ඉස්කෝලෙ ගියේ. ඒ දවස්වල මේ ගම හරි ලස්සනයි. ඒ කාලෙ එක පන්තියක ළමයි දහදෙනෙක් වගේ තමයි හිටියේ. පාසලේ විවිධ වසර වල දී පන්ති නායිකාවක් වශයෙන් කටයුතු කළා. මම හිටියේ මෞර්ය නිවාසයේ. ක‍්‍රීඩා තරග වලින් නම් දිනලා නැහැ. නමුත් ගීත ගායනා තරග වලින් ප‍්‍රථම ස්ථානය ලබාගෙන තියෙනවා. සාහිත්‍ය සංගමයේත් ක‍්‍රියාකාරීව කටයුතු කළා. ඒ කාලේ ලයනල් රංවල මහතාගේ “ඉනා බෙහෙත” නාට්‍යයේ රංගනයට මමත් දායක වුනා. 1964 වර්ෂයේදී උසස්පෙළට පෙනී සිටියා. පාසල් කාලයේ අත්දැකීම් ගැනත් අපි කතා කරමු. ගෙදරටම කොටු වෙලා හිටපු මට සමාජ ආශ‍්‍රය ලැබුණේ පාසලෙන්. ප‍්‍රාථමික අංශයේ ඇරැව්වල පැත්තට කන්දක් වගේ තිබුණා. ඉතිං අපි ඉන්ටවල් එකේදී ඒ කන්ද දිගේ ඔහේ දුවනවා. සමහර වෙලාවට එතන තිබුණු වැටත් කඩනවා. ඉතිං ඒ කාලෙ හරි සුන්දරයි. දැන් වගේ පහසුකම් නැති වුනත් ඒ කාලෙත් අපේ පාසල හැම අතින්ම හොඳයි. ඒ දවස්වල අපිත් එක්ක පාසලේ හිටපු අය අතරින් කෙනෙක් තමයි ඔලිවර් රණසිංහ මහතා. තව ගොඩක් අය ඉන්නවා. මට නම් වශයෙන් හරියටම මතක නැහැ. ගුරු වෘත්තියට පිවිසීමෙන් පසුව ඔබ උගත් පාසලේම සේවය කිරීමට ඔබතුමියට අවස්ථාව ලැබෙනවා. ඒ අත්දැකීම ගැන අපට කියන්න. 1964 වර්ෂයේදී උසස් පෙළට පෙනී සිටියත් ඉන් පස්සේ රැකියාවක් කරනවාට දෙමාපියන් කැමති වුනේ නැහැ. ඒ නිසා ටික කලක් ගෙදරට වෙලා හිටියා. 1983 වසරේ දී ගුරු විදුහලට තෝරාගැනීමේ විභාගයෙන් ඉහළ ලකුණු ලබාගෙන මහරගම ගුරු විදුහලට ඇතුළත් වෙන්න මට හැකි වුනා. එහි තුන් අවුරුදු පුහුණුවෙන් පසුව දුෂ්කර සේවයට රත්නපුර දිස්ත‍්‍රික්කයට යන්න වුනා. 1987 වසරේ තමයි මට ධර්මපාල විද්‍යාලයට සේවය කරන්න අවස්ථාව ලැබෙන්නේ. මම හරිම ආසාවෙන් මගේ පාසලේ සේවයට එක්වුනා. මිශ‍්‍ර පාසලක්නේ. පොඩි පන්ති වල දී ගැහැණු ළමයි පිරිමි ළමයි ගහගන්නවා. ඒත් නවය දහය පන්තිවලට යද්දි හරිම එකමුතුයි. 2002 දක්වාම මම ධර්මපාලයේ සේවය කළා. ඒ කාලය තුළ අධ්‍යාපන මෙන් ම විෂය බාහිර ක‍්‍රියාකාරකම් අතිනුත් සැලකියයුතු සේවයක් කරන්න මට හැකිවීම ගැන ලොකු සතුටක් තියෙනවා. පාසල් ඉතිහාසයේ බොහෝදෙනෙක් ඔබතුමිය හඳුනන්නේ සෞඛ්‍යදානය තුළින් ඉමහත් සේවයක් ඉටුකළ ගුරුතුමියක් විදියට. අපි ඒ මතකය අවදි කරමු. සෞඛ්‍යදාන ඒකකය බාර ගුරුතුමිය වශයෙන් මම බාරගත්තේ විශාල වගකීමක්. එහිදී මම සෞඛ්‍යදානයේ සාමාජික දරු දැරියන් සමග පාසල තුළත් ඉන් පිටතත් ප‍්‍රථමාධාර ලබාදීම, සෞඛ්‍ය කඳවුරු වලට සහභාගී වීම හා වෙනත් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කටයුතු රැසක් සිදු කළා. සමහර ළමයි පීරියඞ් එකක් කට් කරන්න  ඕන වුනාමත් බඩ අල්ලගෙන සෞඛ්‍යදානෙට එනවා. ඉතිං මම අහනවා ගණං බඬේ අමාරුවද, ඉංග‍්‍රීසි බඬේ මාරුවද කියලා. සෞඛ්‍යදානයේ මම පුහුණු කරපු හොඳ නායකයෝ හිටියා. එයාලා හැකි හැම වෙලාවෙම සෞඛ්‍යදාන ඒකකයට ඇවිත් සේවය කළා. ඒකකයට අවශ්‍ය බෙහෙත් ගන්න අපි කැට වලට සල්ලි එකතු කරනවා. එහෙම කැට අරගෙන යනකොට සමහර අය අපහාස කරපු අවස්ථා, බැනපු අවස්ථා තිබුණා. ඒත් අපි අපේ සේවය කරගෙන ගියා. දවසක් ඉස්කෝලෙ ඉස්සරහ ගේට්ටුව ළඟ කහ ඉර උඩ වාහනයක් කඩාගෙන බිඳගෙන ගිහිල්ලා, ළමයෙක් වැටිලා ඉන්නවා. ළමයාට සිහිය නෑ. හැමෝම කෑගහනවා. ඒ වෙලාවෙම පිටිපස්සෙන් ආපු වෑන් එකකට ළමයා දාගත්තා. මම කෑගහලා කිව්වා “ප‍්‍රින්සිපල් සර්ට පණිවිඬේ කියන්න, මම ළමයා හොස්පිටල් ඇඞ්මිට් කරන්න යනවා” කියලා. ඉතිං ළමයා ඇඞ්මිට් කරලා එයාගෙ අම්මලා එනකන් මම ළඟ හිටියා. ළමයාගේ ගෙදරට පණිවුඬේ කිව්වට කවුරුත් මගේ ගෙදරට පණිවුඬේ කියලත් නෑ. ඉතිං ඒ වගේ මම කවදාවත් ළමයෙක්ට අසනීප වුණ වෙලාවට දාලා ගිහින් නෑ. පාසල් සෞඛ්‍යදාන ඒකකයේ හතළිස්වන සංවත්සරය අපි ඉහළින්ම සැමරුවා. ඒක හැමෝම අගය කළා. ඒ වගේම ශ‍්‍රී ලංකාවේ පනස්වන නිදහස් සමරු උළෙලේදීත් අපේ සේවය ඉතා ඉහළින් අගය කරමින් ජනාධිපති අතිරේක ලේකම් නියන්ගොඩ මහතා මටත් සෞඛ්‍යාදානයේ සිසු දරුදැරියන්ටත් පැසසුම් සහතික ප‍්‍රදානය කළා. බැඞ්මින්ටන් ක‍්‍රීඩාව භාර ගුරුතුමිය ලෙසත් ඔබතුමිය කාලයක් කටයුතු කළා නේද? ඔව්, ඉස්සර අපිට බැඞ්මින්ටන් කෝට් එකක් තිබුණෙ නෑ. හෝල් එකයි ප‍්‍රින්සිපල්ගෙ ඔෆිස් එකයි අතරෙ ලණු ඇදලා බොරලූ ගොඬේ තමයි සෙල්ලම් කළේ. ඉතිං ළමයි වැටිලා තුවාල වෙනවා. ඒ ළමයින්ව සෞඛ්‍යදානෙට ගෙනිහින් බෙහෙත් කරනවා. පස්සෙ අමාරුවෙන් සල්ලි එකතු කරලා කෝට් එක හැදුවා. මම ළමයින්ගෙ වගකීම බාරගෙන පුහුණු කඳවුරුවලට ගෙනියනවා. අම්මලා හරියට අගයකළා ළමයින්ව වගකීමෙන් ආරක්ෂා කිරීම ගැන. ඉස්කෝලෙ වාහනේ නැතිවුනාම අපේ ගෙදර වාහනෙන් ළමයින්ව එකකරගෙන යනවා තරග වලට. හිටපු විදුහල්පති විමලසේන මහත්මා අපට ගොඩක් උදව් කළා. මට පුලූවන් වුනා බැඞ්මින්ටන් වලින් ඊ ඩිවිෂන් හිටපු අපේ පාසල සී ඩිවිෂන් දක්වා ගෙනයන්න. ලංකාවෙ ප‍්‍රධාන පාසල් එක්ක තරග කරලා අපි ජයග‍්‍රහණය කළා. සමස්ත ලංකා තරග දිනුවා. ඒක ළමයින්ට ලොකු අභිමානයක් වුනා. ඊට අමතරව මම ශිෂ්‍ය නායක ඛණ්ඩයේ අනුශාසක වශයෙනුත් කටයුතු කළා. ඒ සඳහා නෝමන් රණසිංහ ගුරු මහත්මාගෙන් ලැබුණු සහයෝගය අගයකළ යුතුයි. ඔබතුමිය විශ‍්‍රාම දිවියක් ගතකළත් තවමත් පාසලේ කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඔබගෙන් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හමුවූ විට ලැබෙන ප‍්‍රතිචාර කෙබඳු ද? මම ළමයින්ට ආදරෙයි වගේම ළමයිනුත් මට ආදරෙයි. සමහර ළමයින්ව දැන් මට මතකත් නැහැ. ඒත් මුණගැහුණාම ඒ ළමයි දුවගෙන ඇවිත් කකුල් දෙක ළඟ වැඳ වැටෙනවා. ඒක හදවතින්ම එන දෙයක්. ඉතිං හරිම ආසයි. මට ඒ ළමයි ගැන විශාල ආදරයක් වගේම ගෞරවයකුත් ඇතිවෙනවා. මම ගරු කරනවා ළමයින්ට. මගෙන් ඉගෙනගෙන ඉහළ තැන්වල ඉන්න ළමයින්ට මම සර් කියලා කතා කරලා බැනුම් අහලාත් තියෙනවා “ඇයි ටීච එහෙම කතා කරන්නෙ, මම සර් නෙවෙයි. ටීචගෙන් ඉගෙනගත්තු ළමයෙක්” කියලා. වර්තමානයේ පාසල් අධ්‍යාපනය ලබන දරු දැරියන්ට ඔබතුමිය ලබාදෙන උපදේශය කුමක්ද? එකම දේ තමයි ගුරුවරයා උගන්වන වෙලාවට වෙනත් දේවල් හිතන්නේ නැතිව ගුරුවරයාට ඇහුම්කන් දෙන්න. බැරි දේ අහන්න. ගුරුතුමිය අම්මෙක් කියලා හිතන්න. එය තමයි අධ්‍යාපනය ලබන දූ දරුවන්ට දෙන්න තියෙන උපදේශය. තමා උගත් පාසලේම ගුරුවරියක ලෙස කටයුතු කරමින් දැඩි කැපවීමකින් ඉටු කරන ලද සේවාව වෙනුවෙන් මාලිනී අබයරත්න ගුරු මෑණියන් “යහගුරුමාතා” සම්මානයෙන් ද පිදුම් ලැබීය. හෝරාවකට අධික කාලයක ආදරණීය කතාබහ නිමාකොට සමුගන්නා අවස්ථාවේ එතුමිය අපගෙන් කළ ඉල්ලීම වූයේ එතුමිය යටතේ සෞඛ්‍යදානය, ශිෂ්‍ය නායක ඛණ්ඩය හා බැඞ්මින්ටන් කණ්ඩායම්වල කටයුතු කළ දූ දරුවන්ට එතුමිය අමතන්නැයි දැනුම් දෙන ලෙසයි. පෙරමග අපි මේ ආදරණීය ගුරු මෑණියන්ට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමු. -සංජය ද සිල්වා, උදාර කත‍්‍රිආරච්චි
Read more...

EDUCATION IN NEW NORMAL

Despite commendable efforts by many countries to put in place alternative remote learning strategies and corrective measures, learning losses have been unavoidable and substantial. Last year saw close to 1.6 billion students from over 180 countries being kept out of schools
for extended periods in response to the COVID-19 pandemic. The UNESCO Institute for Statistics estimates that by early November 2020, the world student population had lost between 41% and 68% of in-person schooling they would have received under usual
circumstances.
In this second year of the pandemic, many countries are moving from emergency responses towards policies aimed at recovery. Along with reopening schools and resuming education, these include tailored support to help students adjust to learning in the new normal and remedial measures to make up for lost learning. Sri Lankan schools have been largely dysfunctional for over 15 months since initial closures in March 2020, despite some brief periods of operation. This blog examines policy responses adopted in Sri Lanka’s education sector over the past year, with a view of informing its future education recovery strategy in 2021 and beyond.

School closures in perspective
As of March 2021, Sri Lankan schools are estimated to have been fully closed for 28 weeks and partially closed for 15 weeks. As shown in the infographic (Figure 1), these numbers– especially of full closures – and as a result, the share of total school days missed are significantly higher compared to all country income group averages. These figures are
likely to increase further, given the current indefinite closures following the third wave of the pandemic.

Immediate response: Distance education
The government’s response to current school closures encourages schools to continue and expand online programmes, which have been in operation since last year. However, online learning platforms in Sri Lanka suffer from access and quality issues, also confirmed by
estimates of a recent survey conducted among public school teachers and parents across the country. As Figure 3 in the infographic shows, less than 50% of students were reached online on average; further, it ranged from a low of 8% in the smallest schools – which are typically the least privileged – to 59% in the largest. The survey also indicates that ducation via TV proved to be a better way of reaching students in smaller schools. However, several
pedagogical and logistical challenges have hindered effectiveness. These include lack of links between televised programmes and teachers’ lesson plans; a passive teaching style and absence of interaction with students; confusion of timing and duration of different subjects and TV channels; and poor communication of programme information to
schools, students, and parents.

Long-term response: Recovery strategies
The government’s strategy for recovering learning losses in the longer term also remains unspecified. Interviews conducted with sector stakeholders revealed that some privileged schools had initiated remedial measures at the school level, leveraging available resources
and support from community networks. These include: (1) assessing student learning via Google Form assessments and telephone follow-ups; (2) monitoring student progress on attendance, work submitted, and marks obtained for assessments; and (3) reducing curricula content to help students and teachers cope better. Apart from lower access to resources, centralized decision-making has made it difficult to implement similar school-level measures in less-privileged schools.

Areas for urgent action
The above discussion suggests that emergency and recovery measures adopted in Sri Lanka during COVID-19 school closures have worsened education inequities. To alleviate the current education crisis and commit to leaving no one behind, urgent action is needed in the following areas:

Reopen schools in low-risk areas
It is useful to consider opening schools in remote COVID-19 low-risk areas where distance learning is neither accessible nor effective, which usually have smaller student populations, allowing for better adherence to health guidelines such as physical distancing.

This can be done by allowing schools to make decisions in discussion with relevant school committees and regional education authorities, as opposed to blanket decisions made at the central level for all schools. Such plans should also involve strategies for more permanent ways of keeping schools open, supported by regular cost-effective testing of
both teachers and students and vaccinating teachers as a priority group.

Continue hybrid learning when schools reopen
The periodic interruptions to school reopening attempts underscore the need for a well-developed hybrid system for education delivery – consisting of a mix of in-person and remote options – so that teachers and students can shift smoothly to distance learning during an emergency. Even when schools are open, safety measures will not permit all students to attend school daily in highly-populated schools, necessitating blended learning to ensure uninterrupted learning. Recent research based on different country experiences shows that effective hybrid learning can be offered in any setting by identifying the best combination of education modalities, learning material, and methods of communication in line with available resources, skills, and technology.

Improve pedagogy for distance learning
Distance education is here to stay in some form or the other, at least in the foreseeable future. Ensuring effective remote pedagogy is particularly challenging for TV broadcasts instead of online teaching, where programme design has to ensure continuity in the face of the central teacher. Given that TV is the most feasible way of reaching less-privileged students in Sri Lanka, it is crucial to address existing pedagogical and logistical issues.
Reviewing measures taken in countries such as Pakistan and Vietnam to overcome similar challenges can be useful in this regard. These include:

  • Leveraging school teachers, subject experts, and timetabling
    specialists to develop TV lessons aligned to the national curricula
  • Organizing mass communication campaigns such as teaser
    videos and social media and newspaper advertising, leveraging
    public figures like politicians
  • Maintaining communication between schools and parents by
    telephone, online teacher-parent meetings, and home visits for
    updates of learning progress.

- Hiyal Biyagamage

Read more...

SPEARHEADING SRI LANKA’S BOOMING BUILDING AND CONSTRUCTION INDUSTRY

Dr. Rohan Karunaratne, President of Ceylon Institute of Builders (CIOB)— the premier professional organization of building and construction professionals in Sri Lanka— and Chairman of A.K.K. Engineers is an eminent academic and professional. Most importantly, Dr. Karunarartne is a proud past pupil of Pannipitiya Dharmapala Vidyalaya, where he entered the school in 1967. Since then, he has been a great part of the school’s legacy as a bright student and a resourceful past pupil involved in many school development programmes. We sat down with Dr. Karunaratne for a quick chat to reminisce some of his fond memories at school. Here are the excerpts: Can you share some of your fond memories at our school? I was a lovable student by the teachers at the school, which was mostly positive. However, as a result of being well-known, I faced some perplexing situations. I oddly remember a fight breaking out in my class, which Mr. Gunasekara, the principal at that time, witnessed. However, as I was the student he knew well, I received the punishment on behalf of my entire class. Some of my fondest experiences at Dharmapala Vidyalaya were as such. What made you chose engineering as your profession?            My father was the Director of Health Education, so I was pushed towards medicine. However, I was very weak in Zoology yet did extremely well in mathematics. My parents understood my ability for Maths and proceeded to let me follow its path. After my school studies, I continued with my engineering career and was selected to one of the best engineering colleges in India -the Hindustan Institute of Technology & Science. I completed my bachelor’s degree there and completed an Advanced Diploma in Hindustan Institute of Engineering Technology. Subsequently, I did my Masters in the University of Sussex, UK and my Ph.D at New York University. I headed most of the leading construction-related institutions in Sri Lanka; a few being The National Construction Association of Sri Lanka, South Asian Lean Construction International, Master Builders International and Chamber of Construction. What are the most important lessons you learned at the school that moulded you into the great professional you are today? Because it was a mixed school, the skill and importance of teamwork and unity in extra-curricular activities struck me the most as I look back on my days at Dharmapala Vidyalaya. Whenever a teacher would administer punishment, we learned never to blame a single student. Rather, we collectively as a group received whichever punishment the teacher had decided upon. What are the three most important pieces of advice you can give to the next generation of Pannipitiya Dharmapala Vidyalaya? The first is to work purposefully towards a specific future goal. For this to be a success, you have to respect your parents, teachers, elders and colleagues. It will significantly aid you along the way. Finally, learn to not depend on others to fulfill your aims. This independence is irrevocably necessary. As a past pupil, you are actively engaged in many activities that are geared towards developing our school. Why do you love the school so much? As a specialist swimming pool consultant and engineer, helping in the school’s swimming pool construction was in my realm of work, and I was happy to help. At the Schools Sport meet, I was the House Captain of ‘Soorya’. Considering my enthusiasm for sports and being an avid participator and champion of interschool championships, I am one of the members who advocated and commenced badminton as a sport in Dharmapala Vidyalaya and built it to be one of the recognized sports in the school. I distinctly remember the joy of writing, directing our dramas, from which we funded the school’s first badminton court on the side of the Principal’s office. - Hiyal Biyagamage
Read more...

K.G. විමලසේන

වසර 80ක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ස්වර්ණමය යුගය උදාකළ, හිටපු විදුහල්පති K.G. විමලසේන ගුරු පියාණන්, වසර 29ක තම සේවා කාලය නිමකොට පසුගිය ඔක්තෝබර් 10 වනදා විශ‍්‍රාම දිවියට එළඹිණි. 1992 වර්ෂයේ තම උපන්බිම වන රත්නපුර, කිරිඇල්ල ප‍්‍රදේශයේ එපිටවල මහා විද්‍යාලයේ උපාධිධාරී ගුරුවරයෙකු ලෙස සේවයට එක්වූ එතුමා, 1993 වර්ෂයේදී අධ්‍යාපන පරිපාලන සේවා විභාගයෙන් සමත් විය. එතුමා අප විද්‍යාලයත් සමඟ මුලින්ම සම්බන්ධ වන්නේ 1994 වර්ෂයේදී නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු වශයෙනි. නමුත් 1995 වසරේ දී, එවකට විදුහල්පති S.H. කුමාරසිංහ මහතා නික්ම යාමත් සමඟ, 1995 වර්ෂයේ පාසලේ වැඩ බලන විදුහල්පතිවරයා වශයෙන් සේවය කළේය. 1997 වසරේ දී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් වැඩ භාරගන්නා එතුමා, අප විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් නැවත වරක් 2004 වර්ෂයේදී පත්විය. 2004 වර්ෂයේ අප විද්‍යාලයට ස්වර්ණමය යුගයක් උදා කරමින් විදුහලේ මුල් පුටුව හෙබවූ එතුමා, 2016 වනතෙක් වසර 12කට අධික කාලයක් පාසැල වෙනුවෙන් සිදුකලේ අද්විතීය සේවාවකි. වසර 12කට අධික සේවා කාලයක් තුළ, වැඩිම කලක් එම තනතුර දරූ විදුහල්පතිවරයා ලෙස එතුමා විදුහල් ඉතිහාසයට එක්වේ. මෙම කාල සිමාව තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන, ක‍්‍රීඩා සහ සෞන්දර්යාත්මක කෞශල්‍යයන් ඉහළ තලයකට ගෙන එමින්, පාසැල තුළ අද්විතීය භෞතික සම්පත් සංවර්ධන ක‍්‍රියාදාමයකට නායකත්වය ලබාදීමට විමලසේන මැතිතුමාට හැකියාව බිණි. ආදි ශිෂ්‍යයන්, දුවා දරුවන් සහ දෙමාපියන්ගේ දැඩි ඉල්ලීම මත නැවත වරක් එතුමා අප විද්‍යාලයට පැමිණෙන්නේ 2020 වර්ෂයේ පෙබරවාරි මාසයේදීය. එතැන් සිට, විශ‍්‍රාම යනතෙක්ම, COVID වසංගතය රැගෙන ආ නොයෙක් අභියෝග මධ්‍යයේ, පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මාර්ගගත අධ්‍යාපන ක‍්‍රමය (Online Education) යටතේ අඛණ්ඩව පවත්වාගෙන යාමට එතුමාට හැකිවිය. “පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා සම්බන්ධ වීමට ලැබීම මා ලද මහඟු‍ භාග්‍යයකි. දෙමාපියන්, දූ දරුවන් සහ ආදි ශිෂ්‍යයන් සමඟ එක්වී, අපේ පාසල සෑම ක්ෂේත‍්‍රයකින්ම අංග සම්පුර්ණ වූ විශිෂ්ටතම මිශ‍්‍ර පාසලක් බවට පත් කරන්නට මට හැකියාව ලැබුණා. අධ්‍යාපන, ක‍්‍රීඩා සහ සෞන්දර්ය අංශවලින් පමණක් නොව, පාසැල තුළ විශාල භෞතික සම්පත් සංවර්ධන ක‍්‍රියාවලියක් සිදු කරමින්, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ලංකාවේ පාසල් අතර ඉහළම තැනකට රැගෙන ඒමට හැකිවීම මා ලද විශාල ජයග‍්‍රහණයක්.”‍ එතුමා අප සමඟ පැවසිය. K.G. විමලසේන මැතිතුමා විදුහල්පතිව සිටි කාල සිමාව තුළ සිදුවූ අතිවිශිෂ්ට සේවයෙන් බිඳක් පහත දැක්වේ. භෞතික සම්පත් සංවර්ධනය K.G. විමලසේන මැතිතුමාගේ මග පෙන්වීම යටතේ පාසැල තුළ 20කට අධික වූ ගොඩනැගිලි ප‍්‍රමාණයක් ඉදිවිය. මෙමගින් පාසලේ පැවති ගොඩනැගිලි ඌනතා රාශියක් සපුරාලීමට හැකිවිය. මෙයට පිහිනුම් තටාකය සහ ජීවිත ආරක්ෂක පුහුණු මධ්‍යස්ථානය, නවීන ආපනශාලාව සහිත තෙමහල් ගොඩනැගිල්ල, පුස්තකාලය, පරිගණක සම්පත් මධ්‍යස්ථානය සහ විද්‍යාගාර සහිත තෙමහල් ගොඩනැගිල්ල, අංගසම්පුර්ණ ගෘහස්ථ බැඞ්මින්ටන් සහ ජිම්නාස්ටික් ක‍්‍රීඩාගාර වැනි වටිනා භෞතික සම්පත් රාශියක් අයත්වේ. මිට අමතරව පාසලේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය නවීකරණය කිරීම, හයිලෙවල් පාරට යාබද මායිම් තාප්පය සහ ගේට්ටු ආකර්ශනීය ලෙස සැකසීම, විවිධ විෂයන් සහ අමතර ක‍්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පන්ති කාමර සහ ගොඩනැගිලි ඉදිකිරීම, දුවා දරුවන්ගේ සනීපාරක්ෂක කටයුතු සඳහා වැසිකිලි සහ කැසිකිළි පද්ධතිය නවීකරණය කිරීම, දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම දියුණු කිරීමට පරිගණක විද්‍යාගාර ඉදිකිරිම වැනි කටයුතුවලට සුවිශේෂී නායකත්වයක් ලබාදුනි. එතුමාගේ කාලයේදී පාසල් භූමිය තුළ ඉදිකර තිබූ Zeeda ගොඩනැගිල්ල දීර්ඝ කාලීන උත්සහයකින් පසුව නැවතත් පාසලට ලබාගෙන විද්‍යාලීය දූ දරුවන්ගේ සෞන්දර්ය කුසලතා ඔප්නැංවීම වෙනුවෙන් යොදවා ඊට අවශ්‍ය පහසුකම්ද සපයන ලදී. මීට අමතරව පසුගිය අගෝස්තු මාසයේදී ජාතික ශිෂ්‍ය භට කණ්ඩය විසින් පරිහරණය කරන ලද පාසලට අයත් පර්චස් 100ක් වන බිම් කොටස සහ එම ගොඩනැගිල්ල නැවතත් පාසැල වෙත ලබාගැනීමට නායකත්වය ලබාදෙන ලදී. එතුමාගේ කාලයේදී ආරම්භ කරන ලද ක්‍රීඩා පිටිය සංවර්ධන ව්‍යාපෘතිය මේ වනවිට අතිශය ඵලදායී ව්‍යාපෘතියක් වී ඇත. වියලි කාලවලදී ක්‍රීඩා පිටියට ජලය සැපයීම සඳහා ඉදිකරන වගා ලිඳට අවශ්‍ය පර්චස් 02ක බිම් කැබැල්ලක් පරිත්‍යාගයක් ලෙස විදුහල් භූමියට එක් කරගැනීමටද මෙතුමාට හැකිවිය. එම භූමියේ ලිඳක් කපා ක්‍රීඩා පිටියේ තණ තීරුවට ජලය සැපයීමට ඉදිරියේදී හැකිවනු අතර, එම කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතී. මෙවැනි වටිනා සහ ඵලදායී සංවර්ධන ක‍්‍රියාවලින් නිසා 2010 වසරේ දී අප පාසලට NDO නෙදර්ලන්ත ආයතනය විසින් ISO 9001 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය පිරිනමන ලදී. මෙමගින් එතුමාගේ දක්ෂ පරිපාලන හැකියාවන් පිළිබඳව මනා ලෙස සනාථ විය. අධ්‍යාපනය පාසලේ අ.පො.ස (සා.පෙළ) විභාග ප‍්‍රතිඵල 75% සිට 99% දක්වා වර්ධනය කිරීමටත්, අ.පො.ස (උ.පෙළ) සමත්ව විශ්ව විද්‍යාල ප‍්‍රවේශය ලබාගත් සිසුන් සංඛ්‍යාව 35 සිට 110 දක්වා වර්ධනය කිරීමට K.G. විමලසේන මැතිතුමාට හැකිවිය. පන්ති අධීක්ෂණය මගින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නැංවීම සහ විවිධ දක්ෂතා ඇති සිසුන්ගේ හැකියාවන් පන්ති කාමරයේදීම හඳුනාගැනීමට ක‍්‍රමවේද සකස් කර, සිසුන්ගේ සටහන් පොත් එතුමා ඇතුළුව කළමනාකරණ මණ්ඩලය විසින් පරික්ෂා කර අත්සන් තබා ඔවුන්ට අදාල මග පෙන්වීම සිදුකරන ලදී. ක‍්‍රීඩා මෙතුමාගේ කාලයේදී ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ මල්ඵල හටගත් කාලයක් බව කටත් නොරහසකි. දැල්පන්දු, මළල ක‍්‍රීඩා, ජිම්නාස්ටික් සහ චෙස් වැනි ක‍්‍රීඩා රාශියක් නියෝජනය කරමින් පාසලේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කලාප, පළාත්, සමස්ථ ලංකා, ජාතික සහ අන්තර්ජාතික ජයග‍්‍රහණ රැසක් පාසැල වෙත ගෙන ඒමට අවශ්‍ය නායකත්වය සහ පහසුකම් සපයන ලදී. පිහිනුම් තටාකය සහ ජීවිත ආරක්ෂක පුහුණු මධ්‍යස්ථානය, අංගසම්පුර්ණ ගෘහස්ථ බැඞ්මින්ටන් සහ ජිම්නාස්ටික් ක‍්‍රීඩාගාර, පැසිපන්දු පිටිය, නවීකරණය කරන ලද දැල්පන්දු සහ වොලිබෝල් පිටි ගොඩනැගුනේ මෙතුමාගේ කාලයේදීය. එමෙන් ම ක‍්‍රීඩා පිටිය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මුලිකත්වය ගනිමින්, මාතර රාහුල විද්‍යාලය සමඟ පවත්වන මහා ක‍්‍රිකට් තරඟය ආරම්භ කිරීමටත් නායකත්වය ලබාදුනි. සෞන්දර්ය සිසුන්ගේ මෙන් ම ගුරු භවතුන්ගේ සෞන්දර්ය දක්ෂතා කුළු ගැන්වෙන සංකලන, සමනල සංකලන (ප‍්‍රාථමික අංශයේ දරුවන් සඳහා) සහ ගුරු සංකලන වැනි සුවිශේෂී ප‍්‍රසංගයන් බිහි කරමින්, වර්තමානය දක්වාම ඒවා සුවිශේෂී අංගයන් ලෙසින් පවත්වාගෙන ඒමට කටයුතු කරන ලද්දේ මෙතුමා විසිනි. සෞන්දර්ය සහ කලා ක්ෂේත‍්‍රයේදී විද්‍යාලීය නාට්‍ය, නර්තන, ගායන සහ වාදන කණ්ඩායම් ජාතික තලය දක්වා ගෙනයාමට කටයුතු කරමින්, විද්‍යාලීය දුවා දරුවන් ශ‍්‍රී ලාංකීය මාධ්‍ය, සංගීත, නර්තන සහ නාට්‍ය ක්ෂේත‍්‍රයන්හි දැවැන්තයින් කිරීමට අවශ්‍ය මග පෙන්වීම නො පිරිහෙලා ඉටුකරන ලදී. 2014 වසරේ දී පාසලේ දරුවන් දෙදෙනෙකු සහභාගී කරගනිමින්, පණ්ඩිත අමරදේව සහ ආචාර්ය රෝහණ වීරසිංහ වැනි දැවැන්තයින් සමගින් සම්බන්ධ වී කළ ගීත කැසට් පටිය එතුමා අදත් ඉතාමත් සෙනෙහසින් සිහිපත් කරයි. අප විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් පෙරමග දශක කණ්ඩායම සමඟ එක්වී වසර ගණනක් පුරා පාසලේ ප්‍රධාන ව්‍යාපෘති රැසක් K.G. විමලසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ඉටුකිරීමට ලැබීම අපි සියලු දෙනාම ඉතා භාග්‍යයක් කොට සලකනවා. දම්පල් පින්බිම, සෑම අතින්ම රම්‍ය විදුහලක් කිරීමට මෙතුවක් කල් උරදුන් ගුරු පියාණෙනි, ඔබට චිරං ජයතු! - හියල් බියගමගේ
Read more...

DRIVING A NEW WAVE OF ‘DIGITALLY-AGILE’ INNOVATIONS AS A RESPONSE TO COVID-19

COVID-19, the current global pandemic that has created greater chaos, forces every individual and organisation to think out-of-the-box. When chaos is in the spotlight, two scenarios will be up for grabs: for those who can adapt as the opportunities will be countless, and for those who cannot, it could be a disaster. In such a context, businesses need to position their rationale to be on the front foot, prioritising ‘Digital Agility’ in this time of uncertainty. From new ways of working remotely to building detectors that identify people without masks, we are talking about a new cultural revolution that COVID-19 has brought forward. This revolution is significantly enabled by an outpour of creativity, which ushered in a new era of ‘digitally agile’ innovations. These new solutions are showcasing what human ingenuity is capable of in the face of adversity. Any period of volatility can create opportunities that businesses can leverage if they are prepared. In the case of the COVID-19 outbreak, organisations that take a more assertive and longer-term approach through IT agility can spark innovations. During the pandemic, companies have been creative in driving their organisations towards innovative thinking within their businesses; it also enforces the fact that organisations must be ready to present increasing digital capabilities and experiences for their customers to produce inspiring and digitally-agile innovative responses.

DIGITALLY-AGILE SOLUTIONS TO FIGHT THE PANDEMIC As a business that follows modern agile technology practices, Arimac Digital utilises digital service offerings and create solutions for different stakeholders—be it for citizens, governments or industries—to improve and augment their experience. We had the privilege to be a part of the government’s ongoing operations in their battle against COVID-19, offering our expertise on using smart innovations to help tackle this current challenge. The creativity and ingenuity we bring through agile digital operations helping local organisations and global private and public firms. All these projects were carried out free of charge to support individuals and companies to stand on their feet at this challenging time. Below are some of the critical projects we have been proud of spearheading as a team, during the last two months:

Developing a Contact Tracing App Taking proactive measures is the most vital component in our conquest to stop the spread of the COVID-19 virus. Together with the Presidential secretariat task force that was established to combat COVID–19, we developed “Together WeCan” app. The app is designed to identify both the proximity and the duration of the encounters with nearby users via Bluetooth Based Tracking.

Web Solutions that provide real-time information Our talented team has worked tirelessly with the Ministry of Health in Sri Lanka and the Health Promotion Bureau (HPB) to revamp their official website. We created a portal where individuals can get verified and accurate data, symptoms of COVID-19, hotlines for emergencies, prevention methods and FAQs on COVID-19. To add more value to the partnership with HBP, we created a public forum/community group through Viber to generate awareness on key safety measures and providing verified data on the situation of the virus. Furthermore, the studio division of Arimac created informative and fun-filled animations and posters to build COVID-19 awareness through an interactive learning process.

Open APIs playing a pivotal role Arimac identified the lack of a verified data source on the COVID-19 situation in Sri Lanka, and by collaborating with HPB, we created an API that is publicly open to developers with accurate LIVE data for any entity to extract the latest and accurate data. This is being used presently as Sri Lanka’s main source of information regarding the pandemic.

An all-new COVID-19 dashboard We have created a sophisticated dashboard to monitor the COVID-19 situation in the country. This dashboard comes with several features which allow the users to get live updates and analyse the situation.

Games to build awareness We have designed engaging games to attract the right target audience to spread awareness of this pandemic by utilising Facebook. Arimac is also currently creating an awareness-based game on COVID-19 for the World Health Organization (WHO), which will be made available through the social media channels of WHO.

Apart from these projects, we are also involved in discussions with Maldives, Algeria, Laos and Qatar to enable these countries with state-ofthe-art digital solutions to combat COVID-19 in their respective countries.

A NEW PATH FOR DIGITAL TRANSFORMATION COVID-19 is a dark cloud, but even within that obscurity, there is a bright, silver lining that is the spur of effort and spirit for digital innovations. With numerous digital developments taking place, many firms have become more conscious of the need for a strong case of digital transformation. When businesses start to recover from the aftermath of this pandemic slowly, business priorities will gradually shift, making a digital transformation a case of ‘when’, not ‘if’. When developing digital government strategies post COVID-19, the focus should be on improving data protection and digital inclusion policies as well as on solidifying the policy and technical capabilities of public institutions. Public-private partnerships will also be essential for implementing innovative technologies and tailoring digital solutions to countries’ needs. The COVID-19 pandemic has emphasised the importance of technology but also the pivotal role of an effective, inclusive and accountable government. At times of crisis, it is really important that private sector companies bring about innovations or integrate the already existing technology to make it more disruptive and convergent – not solely to capitalise on it, but to pay more attention on how it can benefit society. Agility, or the ability to respond promptly via technology, not only helps the country to be aware of the current situation but, in the future, will also be able to prevent an oncoming issue in the foreseeable future. To reemerge from the challenges and constraints imposed by COVID-19, organisations like Arimac will come forward on a much bigger scale to support the government in reviving the economy and rebuilding the society by sharing technologies, tools and  expertise. In the long term, the government would also need accelerate the implementation of innovative digital technologies like artificial intelligence (AI), machine learning and Internet of Things (IoT). We have in-house experts on these technologies where we would like to engage with the government to create long-term roadmaps as these technologies can tremendously support the future resilience of Sri Lanka’s economy.

Read more...

සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය 2022

𝟭𝟰𝘁𝗵 𝘀𝗶𝘅 𝗮 𝘀𝗶𝗱𝗲🏏💜𝗦𝗼𝗳𝘁 𝗕𝗮𝗹𝗹 𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁 𝗧𝗼𝘂𝗿𝗻𝗮𝗺𝗲𝗻𝘁14 වන වරටත් සංවිධානය කරනු ලබන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය2022 ජනවාරි 09 වෙනි ඉරිදා පෙ.ව.8.00 සිට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.______________________________𝑪𝒉𝒂𝒎𝒑𝒊𝒐𝒏𝒔🏆🥇 - Rs. 30,000/-𝑹𝒖𝒏𝒏𝒆𝒓𝒔-𝒖𝒑🏆🥈 - Rs. 20,000/-Best Batsman🎁, Best Bowler🎁,Man of the Series🎁, Hit & Win x10*🎯______________________________කණ්ඩායම් ලියාපදිංචිය - රු. 2,000/=වැඩි විස්තර :භාග්‍ය 0779736947පෙවින්ද 0715826985

Cricket Match...

Days Hours Minutes Seconds
Read more...