17 වන වාර්ෂික මහා සභා රැස්වීම

මහා සභාවට සම්බන්ධ ලිපි පහත සබැඳියන් (Link) ඔස්සේ බාගත (Download) කල හැක. 2023/2024 පෙරමග විධායක සභාව සඳහා ඉදිරිපත් වු නාම යෝජනා Click Here AGM කැඳවීමේ ලිපිය සහ සැලකිය යුතු කරුණු Click Here යෝජිත ව්‍යවස්ථා සංශෝදන කෙටුම්පත Click Here
Read more...

සිසු විවේකාගාර ව්‍යාපෘතිය

පාසලේ ක්‍රීඩා කටයුතු සිදුකරන ශිෂ්‍යාවන්ගේ මූලික අවශ්‍යතාවක්ව පැවති සිසු විවේකාගාරය අංග සම්පූර්ණව නිම කර, පෙරමග විසින් පාසලේ සිසු අයිතියට පැවරීම ඔක්තොම්බර් මස 20 දිනදී සිදුකරණ ලදී
Read more...

විද්‍යාගාර උපකරණ පරිත්‍යාග කිරීම

පාසලේ වර්ථමාන අවශ්‍යතාවන් පිලිබඳ නිරන්තරයෙන් සැලකිලිමත්වන පෙරමග විසින් පාසලේ විද්‍යාගාර සඳහා අත්‍යාවශ්‍ය උපකරණ සහ රසායන ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම 2022 ඔක්තෝම්බර් මස 20 වන දින සිදු කරන ලදී
Read more...

ආදිශිෂ්‍ය ශ්‍රවණාගාරයේ පුටු අලුත් වැඩියාව

කලක සිට අබලන් තත්වයේ පැවති ආදිශිෂ්‍ය ශ්‍රවණාගාරයේ පුටු අලුත් වැඩියා කිරීම පෙරමග දායකත්වයෙන් සිදුකරන ලදී.
Read more...

පෙරමග පසුවිපරම

පෙරමග දශක කණ්ඩායම විසින් පාසල වෙත දායාද කළ භෞතික සම්පත් අතරින් 6-9 ශ්‍ර්ණි  වැසිකිළි පද්ධතිය විශේෂ තැනක් ගනියි. "පෙරමග පසුවිපරම" සංකල්පය යටතේ එම ව්‍යාපෘතියේ වත්මන් තත්වය පිළිබඳ සොයාබලා අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදුකිරීම 2022 ජූනි මස සිදුකෙරිනි.

Read more...

පාසල සතු ශිෂ්‍ය භට (CADET COP) ඉඩමේ  වැට නැවත ඉදිකිරීම

ඇරැව්වල පාරේ පිහිටා ඇති පාසල සතු ශිෂ්‍ය භට (CADET COP) ඉඩමේ මායිමේ කැඩී තිබූ වැට ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සහ එම ඉඩමේ පහළ කොටසේ කම්බි වැට යකඩ කණු යොදා අළුතින් ඉදි කිරීම මෙම ව්‍යාපෘතිය හරහා සිදු කෙරුණි.
Read more...

විදුහල්පති නිල නිවස ප්‍රතිසංස්කරණය සිදු කිරීම

අප විද්‍යාලයේ නව විදුහල්පතිතුමියගේ ආගමනය සමග විදුහල්පති නිල නිවස ප්‍රතිසංස්කරණ කටයුතු සහ සුද්ධ පවිත්‍ර කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණි. අප කණ්ඩායමේ සාමාජික සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් එම ව්‍යාපෘතිය ඉතා සාර්ථක ලෙස නිම කිරීමට අප කණ්ඩායමට හැකිවිය. මෙහිදී විදුහල්පති නිල නිවාසයේ සිවිලිම අළුතින් ඉදිකිරීමට සහ තීන්ත ආලේප කිරීම සඳහා  හා  නිල නිවාසය සුද්ද පවිත්‍ර කිරීමට ශ්‍රම දායකත්වය සැපයීම අප දශක කණ්ඩායම මගින් සිදු කරන ලදී

Read more...